දේශීයප්‍රමුඛ පුවත 1

උතුම් වෙසක් පොහෝ දිනය අදයි

(UTV | කොළඹ ) – අද (07) සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනයයි.

බෝසතුන්ගේ උපත ලැබීම , සිදුහත් කුමරුන් බුද්ධත්වයට පත්වීම හා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම යන කරුණු සිහිපත් කරමිනුයි වෙසක් පොහොය සමරනු ලබයි.

ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෑම වසරකම වෙසක් සැමරීම සිදු කරයි.

එහෙත් මෙවර කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් ආගමික කටයුතු නිවෙස්වලට පමණක් සීමා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙවර වෙසක් සැමරුම අර්ථාන්විතව සිදු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

කැබිනට් මාධ්‍ය හමුව

Mohamed Dilsad

මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් කරන වේලාව ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

Leave a Comment