දේශීය

ජනපති රනිල් බොරු කියනවා

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.

“ජනපති කියන්නේ බොරු! ද්‍රවිඩ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කළේ ඒකමතිකවයි. අපේ කිසිවෙක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දිය යුතු යැයි ප්‍රකාශ කළේ නෑ” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

“අපි මේ කාරණය සහ තවත් එවැනිම උත්සාහයන් කිහිපයක් පිළිබඳව ජනාධිපතිතුමා හමුවූ විට ප්‍රකාශ කළා. මෙය නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු එකඟ වුණා. ඔහු තම වචනය රකියිද යන්න සොයා බැලිය යුතුය” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මත්ද්‍රව්‍ය සමඟ තැපැල් සේවකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment