දේශීය

ඇඳිරි නීතිය කඩ කල පිරිස තවත් ඉහළට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 66,662  දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ පසුගිය මාර්තු 20 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 18,778 ක් බවයි.

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පැය 6ක කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයින් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාලය තුළ වාහන 45 ක් පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර, දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායන පනත උල්ලංඝනය කළ පුද්ගලයින් 168 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 26 වන දා සිට නිරෝධායන පනත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 780ක්.

මිට අමතරව පසුගිය මාර්තු 18 වනදා සිට අද අලුයම 4 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 22,591 ක් පවරා ඇති අතර දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 9067 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයේ සඳහන්.

Related posts

සජබයෙන් පිරිසක් එජාපයට?

Mohamed Dilsad

විපක්ෂ නායකගේ සක්වල 321 වැඩසටහනට රිෂාඩ් බදියුදීන් සහ සෙල්වම් අඩයිකලනාදන් එක්වෙයි

Editor O

ඉස්සර මගේ සාක්කුවට ආපු තෙල් සල්ලි දැන් යන්නේ අනුර කුමාරගේ සාක්කුවට ද? – හිටපු ඇමති කංචන විජේසේකර

Editor O

Leave a Comment