දේශීය

2020 සාපෙළ සිසුන් වෙනුවෙන් විශේෂ පහසුකමක්

(UTV | කොළඹ) – 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් වෙනුවෙන් මෙවර විශේෂ පහසුකමක් සලසා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ , ඒ අනුව විභාග ප්‍රවේශ පත්‍රයේ පවතින අඩුපාඩු https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිස සංශෝධනය කර ගැනීමේ අවස්ථාව සලසාදී ඇති බවයි.

පාසල් අයැදුම්කරුවන් විදුහල්පතිතුමා මගින්ද, පෞද්ගලික අයැදුම්කරුවන් තමන් විසින්ම ද සතියක් තුළදී එම සංශෝධනය සිදු කළ යුතුව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

 

Related posts

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

කෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්

Editor O

Leave a Comment