Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙළියට නීතිපතිගෙන් චෝදනාවක්

(UTV | කොළඹ) –

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  නඩුකරයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට, අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී රැස්වීම්වලට සහභාගී වන අතරතුර බවත් එම ක්‍රියාව තුළින් හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කර තිබෙන බවත් නීතිපතිවරයා ඊයේ (27) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

තමන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඊයේ (27) යළි සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

මෙම පෙත්සම ඊයේ (27) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලදී. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් විරෝධතා ඉදිරිපත් කළේය.

ඖෂධ හිඟයක් රට තුළ පවතින බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අමාත්‍ය මණ්ඩලය නොමග යවා ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීමට පෙත්සම්කරු විසින් කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා වශයෙන් එම අමාත්‍යාංශය ගනු ලැබූ සියලු තීන්දු තීරණ වලට වගකීමට පෙත්සම්කරු බැඳී සිටින බවත් ඔහු කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවත් එසේ ඉහළ අධිකරණයක නඩුකරයක් ගොනුකර තිබියදී ඒ හා සමාන නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීම තුළින් ඔහු අධිකරණ ක්‍රියාදාමය අවභාවිතාවට ලක් කර තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා චෝදනා කළේය.

මෙම නඩුකරයට අදාළ දිවුරුම් ප්‍රකාශවලට කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වී සිටි අතරතුර යැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතාවට ලක් කිරීමක් බවත් චෝදනා කළේය.

බන්ධනාගාරගතව සිටින සැකකරුවකු දිවුරුම් පෙත්සම් වලට අත්සන් කිරීම සිදුකළ යුත්තේ බන්ධනාගාර නිලධාරියෙකු ඉදිරිපිට වුවත් පෙත්සම්කරු එම නීතිමය ක්‍රියා පටිපාටියට පරිබාහිරව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වූ අතරතුර එම දිවුරුම් ප්‍රකාශ වලට අත්සන් කිරීම හරහා ඔහු බන්ධනාගාර පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු සඳහන් කළේය.

පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් භාරයට පත් කළ දා සිට බන්ධනාගාර රෝහලට ඇතුළත්ව සිටින බවත් ඔහුට බන්ධනාගාර රෝහලේදී එම දිවුරුම් ප්‍රකාශවලට අත්සන් කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබූ බවත් ඔහු සඳහන් කර සිටියා.

එම අවස්ථාවේදී විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ දේශපාලඥයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළ සෑම අවස්ථාවකම ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් වීම දක්නට ලැබෙන බවත් මෙවැනි ක්‍රියා තුළින් අධිකරණය සහ බන්ධනාගාරය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩවීමක් සිදුවන බවත් සඳහන් කළා.

මෙවැනි ක්‍රියා මහජනතාවගේ උදහසට මෙන්ම හාස්‍යයට ලක් වී තිබෙන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම සලකා බැලීම ලබන 01 වනදා දක්වා කල් තැබුණි.

Related posts

සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ජනතාවට සහන මිලට සහල් – ජනපති

Mohamed Dilsad

Take advantage of our strategic location minister told at japanese investor forum

Mohamed Dilsad

ஜனாதிபதி வேட்பாளர் கோட்டாபய ராஜபக்ஸ இல்லை என ஹெரிசன் தெரிவிப்பு

Mohamed Dilsad

Leave a Comment