Trending News

සහල් මිල තවදුරටත් ඉහළ ගියහොත් ජනතාවට සහන මිලට සහල් – ජනපති

(උදයම්,පොළොන්නරුව)   –  පසුගිය කාලය තුළ පැවති දැඩි නියගය නිසා වී නිෂ්පාදනය පහළ බැසීම හේතුවෙන් සහල් මිල ඉහළ ගිය ද තවඳුරටත් වෙළෙඳපොළ තුළ දේශීය සහල් මිල ඉහළ ගියහොත් පිටරටින් සහල් ගෙන්වා ආණ්ඩුව පාඩු ලබමින් හෝ එම සහල් සහන මිලට රටේ ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) පෙරවරුවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

සහල් මිල කෙතරම් ඉහළ ගිය ද ආණ්ඩුවේ ලොක්කන්ට එය නොපෙනෙන බවට පසුගියදා ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තාවක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ සාමාන්‍ය පවුලකින් පැමිණි ජනතාවගේ දුක, වේදනාව හඳුනන නායකයෙකු ලෙස තමා සියලු කටයුතු සිදු කරන්නේ එම අත්දැකීම සමග බවත් රටේ ජනතාව කුසගින්නේ තැබීමට තමා කිසිඳු අවස්ථාවක සූදානම් නොමැති බවත්ය.

වත්මන් රජය යටතේ අද රටේ සමාජ, ආර්ථික, දේශපාලන සියලු ක්ෂේත‍්‍රවල පරිවර්තනීය වෙනසක් සිදු වෙමින් පවතින අතර, කුමන අභියෝග පැමිණිය ද එම වැඩපිළිවෙළ අධිෂ්ඨානශීලිව ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

පොළොන්නරුව, පලුගස්දමන ජනාධිපති ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය අද පෙරවරුවේ ජනාධිපතිවරයා අතින් සිසු අයිතියට පැවරිණි.

රටේ සීමිත ප‍්‍රදේශ කිහිපයකට පමණක් සීමාවී තිබූ ජනාධිපති විද්‍යාලවල උරුමය උතුරු මැද ඇතුළු සෙසු ප‍්‍රදේශවලට ලබා දෙමින් දරුවන්ට සම අධ්‍යාපන අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කිරීම අද වත්මන් රජය රට තුළ සිදුකරමින් සිටින වෙනසෙහි ප‍්‍රධාන වැඩකොටසක් බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

සමරු ඵලකය නිරාවරණය කර පලුගස්දමන ජනාධිපති ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. පාසල පිළිබඳ නිල වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

2017 පළාත් චිත‍්‍ර තරගයෙන් දක්ෂතා දැක්වූ විශ්මිනී මනුත්තරා ශිෂ්‍යාව වෙත සහතික පත් ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් ද විදුහල්පති ප්‍රියංග සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

Free rice for drought affected families in Kurunegala

Mohamed Dilsad

Lankan born American shot dead in Oakland

Mohamed Dilsad

1990 Service launched in the Eastern Province

Mohamed Dilsad

Leave a Comment