දේශීය

බිළිදියක ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට

(UTV|මඩකලපුව) – දින 40 ක බිළිඳියක් ගෙළ සිරකර ඝාතනය කළ මවක් පිළිබඳ තොරතුරු වාර්තා වේ.

ඒ මඩකලපුව වන්නියාර ප්‍රදේශයේ කාන්තාවකි.

අදාළ කාන්තාව තම දරුවා රෙදි කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

පසුව අත්අඩංගුවට ගැනුණු ඇය දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මියගොස් සිටි බිලිඳියගේ සිරුර ලිඳක තිබී පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මඩකලපුව පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිය අද ඇරඹේ

Mohamed Dilsad

පක්‍ෂ රැසක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සකස් කෙරේ

Mohamed Dilsad

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment