දේශීය

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

(UTV |කොළඹ) – කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොවිඩ් -19 පැතිරීමේ අවදානම හේතුවෙනි.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වූ බවයි.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රඹුක්කන නිවසකට පස් කන්දක් කඩා වැටී තිදෙනෙකු මරුට

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන් එකඟ ගානකින් හාල් මිල වැඩි කරන්න නම් ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය මොකක්ද? – පාඨලී චම්පික රණවක

Editor O

Leave a Comment