දේශීය

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

(UTV |කොළඹ) – කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොවිඩ් -19 පැතිරීමේ අවදානම හේතුවෙනි.

කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්. තිලකරත්න මහතා සඳහන් කළේ අදාළ මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බව තහවුරු වූ බවයි.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බව ඩී.එම්. තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි‍

Mohamed Dilsad

Leave a Comment