දේශීය

මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු රැස්වීම් වලට

(UTV |කොළඹ) – වන්නි දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන් මහතාව පාර්ලිමේන්තු රැස්වීම් සඳහා හෙට සහ අනිද්දා සහභාගී කරවීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

මෙම ලිපියේ පිටපත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ සෞඛ්‍ය‍ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  වෙතද යොමු කොට තිබේ.

අද (21) දහවල් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් කළ නියෝගයකට අනුව වේත්‍රධාරීවරයා මෙම පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී රිෂාඩ් බදියුද්දීන් මහතාව හෙට සහ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැසවීම්වලට සහභාගී කරවියයුතු බවට තීරණය කළ බව එම ලිපියේ සඳහන් වේ.

එබැවින් ගරු මන්ත්‍රීවරයා හෙට සහ අනිද්දා දිනයන්හිදී පෙරවරු 10 ට පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වන බවද ලිපියේ තවදුරටත් සඳහන් වේ.

රිෂාඩ් බදියුද්දීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතු යැයි පක්ෂ නායකයන් විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුව කථානායකවරයා මෙම තීරණය ගෙන තිබේ.

Related posts

2022 අයවැය අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

විදෙස් ගත තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment