Trending Newsඑසැන පුවත්දේශීය

පුත්තලම මහාධිකරණයෙන් රිමාන්ඩ් කළ නීතීඥවරිය වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

අධිකරණයට අපහාස කළේ යැයි පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. 

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කර තිබේ.

නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය නියෝග කළේය.

අදාළ නීතීඥවරියට මෙම චෝදනා එල්ල කරමින් නඩුවක් ගොනුකර ඇත්තේ පුත්තලම මහාධිකරණයේ ලේකඛාධිකාරීවරිය විසිනි. ඒ අනුව ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක් එම නීතීඥවරියව රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවන්දුරුගොඩ මහත්මිය නියෝග කර තිබිණ.

කෙසේ වෙතත් ඇයට ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ ඇය අධිකරණ ශාලාවට ඇතුළුවීමේදී හිස නමා ආචාර නොකිරීම සහ මීට අදාළ නඩුවේ ඇප අයැදීමේදී මහාධිකරණ විනිසුරුවරියට ගෞරවාන්විතව ඇමතීම චේතනාන්විතව පැහැර හැරීම යන වැරදි තුළින් අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කර ඇති බවයි.

Related posts

Case against MP Udaya Gammanpila postponed

Mohamed Dilsad

SLFP conducts vote after 18 years – Dayasiri Jayasekara

Mohamed Dilsad

President hints at date of parliament dissolution

Mohamed Dilsad

Leave a Comment