දේශීය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ නිසා තම සේවාලාභීන් සඳහා නව ක්‍රම වේදයකට එම සේවාවන් හඳුන්වා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලීම් යොමු කිරීමේදී හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කර එවීමෙන්, යොමු අංකයක් කෙටි පණිවිඩයක් මගින් සේවාලාභියාට ලබාදීමට කටයුතු කරනු ලබයි.

PSC <හිස්තැනක්> යොමු අංකය සඳහන් කර, 0704364462 යන අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් සේවාලාභියාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ක්ෂණිකව දැනගැනීමට හැකි වෙන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දනුම් දෙයි.

එසේම, www.psc.gov.lk ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අබවියට පිවිස එහි “තත්ත්ව ග්‍රහණය” කවුළුව වෙත “යොමු අංකය” ඇතුළත් කිරීමෙන් ඉල්ලීම පිළිබඳව මේ වනවිට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගයන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

මේ සම්බන්ධව වැඩි විස්තර පහත දුරකතන අංක මගින් දැන ගත හැකි බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.

011 -2136600 (පොදු)

011 – 2136603 (අතිරේක ලේකම්/ මෙහෙයුම්)

011 – 2136617 (ලේකම්)

විශේෂ කැඳවීමක් කළහොත් පමණක් කර්යාලයට පැමිණෙන ලෙසත් සියලු සේවාලාභින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දීමක් කරයි.

Related posts

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

Mohamed Dilsad

ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරීම වළක්වා ගන්න පාසල් දරුවන්ට මුහුණ ආවරණ පළඳවන්න – සෞඛ අංශ ඉල්ලීමක් කරයි.

Editor O

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවයි

Editor O

Leave a Comment