දේශීය

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) – මේ වන විට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ නිසා තම සේවාලාභීන් සඳහා නව ක්‍රම වේදයකට එම සේවාවන් හඳුන්වා දීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තම ඉල්ලීම් යොමු කිරීමේදී හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කර එවීමෙන්, යොමු අංකයක් කෙටි පණිවිඩයක් මගින් සේවාලාභියාට ලබාදීමට කටයුතු කරනු ලබයි.

PSC <හිස්තැනක්> යොමු අංකය සඳහන් කර, 0704364462 යන අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් සේවාලාභියාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය ක්ෂණිකව දැනගැනීමට හැකි වෙන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව දනුම් දෙයි.

එසේම, www.psc.gov.lk ඔස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අබවියට පිවිස එහි “තත්ත්ව ග්‍රහණය” කවුළුව වෙත “යොමු අංකය” ඇතුළත් කිරීමෙන් ඉල්ලීම පිළිබඳව මේ වනවිට ගෙන ඇති සියලු ක්‍රියාමාර්ගයන් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබේ.

මේ සම්බන්ධව වැඩි විස්තර පහත දුරකතන අංක මගින් දැන ගත හැකි බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දෙයි.

011 -2136600 (පොදු)

011 – 2136603 (අතිරේක ලේකම්/ මෙහෙයුම්)

011 – 2136617 (ලේකම්)

විශේෂ කැඳවීමක් කළහොත් පමණක් කර්යාලයට පැමිණෙන ලෙසත් සියලු සේවාලාභින්ට රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දැනුම් දීමක් කරයි.

Related posts

2022 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

Mohamed Dilsad

කොළඹ පළාත් කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

වැලිකඩ කාන්තා රැඳවියන් 3ක් අගුණකොලපැලැස්සට මාරු කර යවයි

Mohamed Dilsad

Leave a Comment