දේශීය

UPDATE – ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

(UTV | කොළඹ) – මිල ඉහළ ගිය ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් යළි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257 කින් ඉහළ දැමූ අතර කෙසේ වෙතත් අද දිනයේ එහි මිල රුපියල් 75 කින් අඩු කර ති​බේ.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 2,675 ක් වෙයි.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 503 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දැමූ අතර අද දිනයේ එය රුපියල් 30 කින් අඩු කර ති​බේ.

එහි නව මිල වන්නේ 1,071 ක් වෙයි.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231 කින් ඊයේ රාත්‍රියේ ඉහළ දමූ අතර අද දිනයේ එය රුපියල් 14 කින් අඩු කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 506 ක් බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටියි.

Related posts

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

Editor O

කොළඹ ඇතුළු ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට අමාත්‍යවරියගෙන් විසඳුම්

Mohamed Dilsad

Leave a Comment