Trending Newsඑසැන පුවත්දේශීය

සමූහ මිනීවළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක්

(UTV | කොළඹ) –

මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක් ඊයේ (11) හමු වී තිබේ. එම ඩිජිටල් පුවරුවේ සදහන් දේ නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි නිසා ඒ පිළිබදව සුවිශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය බව කැණීම් බාර නිලධාරීන් මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම ඩිජිටල් පුවරුව ඉතා සුරක්ෂිතව තබා ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා යොමු කරන ලෙසට නියෝග කොට තිබේ.

කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් අලුතෙන් මතු වූ මිනිස් ඇට සැකිලි හතෙන් තුනක් ගොඩ ගෙන ඇති අතර එම මිනිස් ඇට සැකිලිද මෙතෙක් හමු වූ ඇට සැකිලි 40 සමග ගබඩා කොට තැබීමට පියවර ගෙන තිබේ. දැනට මතු වි ඇති මිනිස් ඇට සැකිලි අතර ඉතිරිව තිබෙන ඇට සැකිලි හතරද ඉදිරි දින කීපයේදී ගොඩ ගැනීමට සැලසුම් කොට තිබේ. අලුතෙන් හමු වූ මිනිස් ඇට සැකිලි හතම ගොඩ ගැනීමෙන් පසුව මෙම සමූහ මිනී වලේ අලුත් කොටසේ කැණීම් ආරම්භ කිරීමට තීරණය කොට ඇත.

කොක්කුතුඩුවායී සමූහ මිනී වලෙන් අලුතින් මිනිස් ඇට සැකිලි හතක් මතු වූ අවස්ථාවේදීත් ඩිජිටල් පුවරුවක් හමු වූ අවස්ථාවේදීත් මුලතිව් මහේස්ත්‍රාත්වරයා හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරිනි ලුඩියානා සෙල්රීන් අඛිලාන් මහත්මිය ද සමූහ මිනී වල නිරීක්ෂණය කරමින් සිට ඇත.

Related posts

Rains expected in several areas today

Mohamed Dilsad

සෞඛ්‍ය නීති කඩන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

Mohamed Dilsad

Eight Spill Gates of Parakrama Samudraya opened – Irrigation Department

Mohamed Dilsad

Leave a Comment