දේශීය

මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිය අද ඇරඹේ

(UTV | ජෙනීවා) – ජගත් මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද (28) ස්ට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භ වීමට නියමිතය.

මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන එම සැසිවාරය අප්‍රේල් මස පළමුවනවා දක්වා පැවැත් වේ.

මානව හිමිකම් මහා කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු අතර එය එළඹෙන තුන්වනදා සභාගත කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය එදින පැවැත්වෙන අතර විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා මෙහිදි අදහස් දක්වනු ඇත.

යුක්‍රේනය සහ රුසියානු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් එම සැසිවාරයේ දී මුලිකවම අවදානය යොමුකෙරෙන අතර දෙවනුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර අවදානය යොමුවී තිබිමද විශේෂත්වයක් වේ.

කෙසේවෙතත් මේ වන විටත් විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාමාජික රටවල නියෝජිතයින් දැනුවත් කර තිබේ.

එමෙන්ම මෙරට දී විදෙස් රටවල තනාපතිවරුන් සමග ද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පවත්වනු ලැබීය.

සැසිවාරය අතරතුරදි ඊට සහභාගි වන නියෝජිතයින් සමග ද විදේශ අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මීට අමතරව විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා මානව හිමිකම් මහා කොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය මුණගැසීමට ද නියමිතව තිබේ.

Related posts

බන්ධනගාර රැඳවිකු මිය යයි

Mohamed Dilsad

වස්ගමුව ජාතික උද්‍යානය අද සිට යළිත් විවෘතයි

Mohamed Dilsad

සහරාන් සමඟ අවි පුහුුණුව ලැබූ 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment