ගොසිප්

මෛත්‍රී, බුදුන් නමැද කුරුසියේ අත ගසා කියන බවට කියූ දේ..

(UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පොළොන්නරුවේ කිතුනු දේවස්ථානයක පැවති දේව මෙහෙයට එක්වෙමිනි.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ තමාට දැනුවත් කළා නම් තමන් රටින් පිට වී නොයන බව ඔහු පැවසීය.

“මම මේ පිළිබඳව මම පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවට පවා ප්‍රකාශ කළා.

බෞද්ධයෙක් විදිහට බුදුන් වහන්සේගේ දෙපා නැමැද මට කියන්න පුළුවන් සත්‍ය වශයෙන් ම මේ තොරතුරු කිසිදෙයක් මම දැනුවත් වුණේ නැහැ.

මම බෞද්ධයෙක් වුණත් මේ උතුම් දේවස්ථානයේ වේවා ඕන ම තැනක අතිඋතුම් කුරුසයේ අත ගසා මට කියන්න පුළුවන් මේ කිසි ම තොරතුරක් මට ලැබුණේ නැහැයි කියලා.”

පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ තමන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිය බව ත් එහි සිටින අවස්ථාවේදී හෝ මේ පිළිබඳව ආරක්ෂක අංශ තමන්ට දැනුම් දුන්නේ නම් වහා ම ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට හැකියාවක් තිබූ බව ත් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරට ත් පැවසීය.

Related posts

එළඹෙන සතිය තීරණාත්මකයි – ජනතාව දැනටමත් හෝටල් වෙන් කරගෙන

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

Mohamed Dilsad

Leave a Comment