Trending Newsඑසැන පුවත්දේශීය

ආපදා සහන සේවා කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එජාපය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවකදී රාජ්‍ය සේවකයන්ට, විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දිය යුත යයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇත. 

එම යෝජනා අතරට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

  • පීඩාවට පත් ග්‍රාම නිලධාරී කොට්ඨාසවල සහන සැලසීම සහ ව්‍යාපාරිකයන් සඳහා මාස හයක කාලයක් වෙනුවෙන් පොලී රහිත බැංකු ණය සහ ලීසිං සහන ලබා දීම.
  • අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි තීරණය කිරීම සහ සම්පූර්ණයෙන් හානි වූ නිවාස සඳහා අවම හා උපරිම වන්දි සීමාවන් නියම කිරීම.
  • හානියට පත් නිවාස බිත්ති නැවත ගොඩනැගීම සඳහා වර්ග අඩි ප්‍රමාණයට සමානුපාතිකව මූල්‍ය ආධාර සැපයීම.
  • ගොවීන් සඳහා බෝග හානි වෙනුවෙන් සහන ලබා දීම.
  • හානියට පත් දේපළ යළි ගොඩනැගීම සඳහා නව වැලි පොලවල් වලින් වැලි මුදා හැරීමට අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ට බලය පැවරීම.
  • අනවශ්‍ය නීතිමය ආරවුල් වළක්වා ගැනීම සඳහා වැලි නිස්සාරණය හා ප්‍රවාහනය සම්බන්ධ සීමා ලිහිල් කිරීම.

අබේවර්ධන මහතා සඳහන් කළේ ආපදා කළමනාකරණ කටයුතු කාර්යක්ෂම කිරීමට සහ පීඩාවට පත් ජනතාවගේ ජීවනෝපාය නැවත නගා සිටුවීමට මෙම යෝජනා අත්‍යවශ්‍ය බවයි.

Related posts

ஹெரோயினுடன் பொலிஸார் இருவர் கைது

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

බැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment