Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය වාර ප්‍රවේශපත්‍රවලින් ලංගම බස්වල යන්න පුළුවන්, මාර්ග අවහිරතා නිසා දුම්රිය ධාවනය නොවන ප්‍රදේශවල පමණයි.

දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ගමන් කිරීමට අවසර ලබාදී ඇත්තේ දුම්රිය ධාවනය සීමාවූ ප්‍රදේශවල සහ මේ වන විට දුම්රිය ධාවනය ඇණහිට ඇති ප්‍රදේශවල පමණක් බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන ප්‍රදේශවල පුද්ගලයින් ද දුම්රිය වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමින් ලංගම බස් රථවල ගමන් කිරීමට උත්සහ දැරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් යළි අවධාරණය කළ බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පැවසීය.

දුම්රිය වාර ප්‍රවේශපත්‍රයෙන් ඕනෑම ප්‍රදේශයක ලංගම බස්රථවලින් ගමන් කළ හැකි බවට , ඇතැම් සමාජ මාධ්‍යකරුවන් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම හේතුවෙන් ලංගම කාර්යය මණ්ඩල සමග, දුම්වාර ප්‍රවේශපත්‍ර හිමි ඇතැම් පාර්ශ්ව ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කර ඇත.

‍මේ අතර මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන්ට හෙට අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව එහි සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා පැවසීය.

මේ අතර පේරාදෙණිය ප්‍රදේශයෙන් මහවැලි ගඟ හරහා ඉදිකර ඇති දුම්රිය පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට අවධානය යොමුකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ එම පාලම අලුත්වැඩියා කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවට නිරීක්ෂණය වන නමුත් හෙට දිනයේ ඒ සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගතහැකි බවය.

Related posts

ஹன்சிகா படத்திற்காக இடைவிடாமல் உழைக்கும் சிம்பு?

Mohamed Dilsad

India mourns Bollywood superstar Sridevi

Mohamed Dilsad

ශ්‍රීලනිප විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment