දේශීය

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

(UTV | කොළඹ ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීමකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වී සිටින ඕෂල හේරත් නමැත්තෙකු විසිනුයි මෙම පෙත්සම ගොණු කර තිබිණි.

සමගි ජන බලවේගය නිසි පරිදි ලියාපදිංචි කර නොමැති බව දක්වමින් පෙත්සම්කරු එය ඉදිරිපත් කර තිබුණේය.

Related posts

සඳුදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා

Mohamed Dilsad

ගම්පහට එකක් අඩුවෙයි – යාපනයට එකක් වැඩිවෙයි

Mohamed Dilsad

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගය අගමැති නිරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment