Trending Newsඑසැන පුවත්දේශීය

හෙලිකොප්ටර් අනතුරෙන් ප්‍රධාන නියමුවා ජීවිතක්ෂයට

ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑම පිළිබඳව ගුවන් හමුදාව පැහැදිළි කිරීමක් කර තිබේ.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ මෙහෙයුම් වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ඊයෙ සවස (30) ලුණුවිල පාලම ආසන්නයේ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්විය.

ගුවන් හමුදාව පවසන්නේ මෙම සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මෙම යානය තුළ සිටි බවයි .

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, මෙම අනතුරට මුහුණ දුන් යානය තුළ සිටි ගුවන් හමුදා සාමාජිකයින් සියලුදෙනා කඩිනමින් මුදාගෙන ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට යොමු⁣කර තිබිණ. .

ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නිලධාරියා රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉතා පළපුරුදු දක්ෂ හෙලිකොප්ටර් නියමුවෙකු වූ ඔහු තම සේවා කාලය තුළ ගුවන් පැය 3000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කළ නියමුවෙකි.

සහය නියමුවා සහ යානයේ සිටි අනිත් තිදෙනා සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇති අතර දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති..

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Related posts

SLFP, UPFA, CWC, EPDP winning candidates to meet President today

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ඩයනාගේ පුරවැසිභාවය ගැන විමර්ශනය කරන ලෙස CID යට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment