දේශීය

ඩයනාගේ පුරවැසිභාවය ගැන විමර්ශනය කරන ලෙස CID යට නියෝගයක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් අවශ්‍ය වාර්තා කඩිනමින් ගෙන්වාගෙන විමර්ශන සිදුකරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

 

ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

Related posts

පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපති කාර්යාලය ට ලිඛිතව දැනුම් දුන්නා – මැතිවරණ කොමිෂමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක

Editor O

පාසල් වේලාව විනාඩි 30කින් දීර්ඝ කිරීමේ යෝජනාවට වෘත්තීය සමිති විරෝධයක්…

Editor O

උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.

Editor O

Leave a Comment