Trending Newsඑසැන පුවත්දේශීය

කළු ගඟ පිටාර ගලයි ; කළුතර සහ රත්නපුර දිස්ත්‍රික් අවධානමේ

කළු ගඟ ද්‍රෝණිය වෙත මේ වන විට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජලමාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත් ත්සිංහල, පාලින්දනුවර, මදුරාවල, අගලවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල කළු ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන බවට මෙයින් අනතුරු අඟවනු ලැබේ.

 මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් හා මගීන්ගෙන් ද ඉල්ලා සිටිනු ලැබේ. 

කළු ගඟ ආශ්‍රිත මිල්ලකන්ද ප්‍රදේශයට මිමි 132ක්, මාගුර ප්‍රදේශයට මිමි 148ක් , රත්නපුර පුදේශයට මිමි 190ක්, ඇල්ලගාව ප්‍රදේශයට මිමි202 ක් වශයෙන් අද (28) උදෑසන 09.30න් අවසන් වූ පැය 24 තුළ වර්ෂාපතනය ලැබී ඇත.

Related posts

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

Mohamed Dilsad

பத்தாயிரம் மாணவர்களுக்கு கற்றல் உபகரணங்கள் வழங்கும் நிகழ்வு [VIDEO]

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment