හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී වරියකගේ සැමියා වන විදුහල්පතිවරයා එළඹෙන 12 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී ඇත.
අනුරාධපුර එපාවලවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු අද (06) දහවල් අනුරාධපුර පොලීසිය විසින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
එහිදී අධිකරණය සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාලයට මෙලෙස අවසර ලබාදී තිබේ.
