දේශීය

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.

අවසන් කටයුතු ලබන 13 වැනිදා සවස සිදු කිරීමට නියමිතය.

Related posts

පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමයි

Mohamed Dilsad

ඡන්දය නොතිබ්බොත් පාලනය කා අතටද ?

Mohamed Dilsad

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

Leave a Comment