Trending Newsඑසැන පුවත්දේශීය

කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීමේ ඡන්දයෙන් මාලිමාව පරාදයි

ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ.

අද (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජන බලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක් ද දිනා ගනිමින් විපක්ෂය බලය හිමිකර ගත්තද සභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වුණි.

එම ඡන්දයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරමින් කොලොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවිය.

කෙසේවෙතත් මංගල අයවැය සඳහා පැවැති පළමුවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කර තිබේ.

කොලොන්න ප්‍රාදේශීය සභාව ජාතික ජන බලවේගයේ සභිකයින් 9ක්, සමගි ජන බලවේගයේ සභිකයින් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් 3ක්, එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු සහ සර්වජන බලය පක්ෂයේ එක් සභිකයෙකුගෙන් සමන්විත වෙයි.

Related posts

UK issues travel advice warning of dengue outbreak in Sri Lanka

Mohamed Dilsad

Mainly fair weather will prevail elsewhere Expected today

Mohamed Dilsad

අද විදුලි කප්පාදුවේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment