Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රී හිඟුරක්ගොඩ පොලීසියේ යකා නටයි.

විදුලි බල මණ්ඩලයේ සේවයේ නියැලෙන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි නිලන්ත උදයකුමාර නම් අයෙකුගේ සුවදුක් විමසීම සඳහා හිගුරක්ගොඩ පොලිසියට පැමිණි මාලිමාවේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඩබ්.එස්.එස්. උදයකුමාර, පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කරමින් තම සොහොයුරා මුදා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විසින් නැවතත් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මෙම අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා විසින්, පොලිස් නිලධාරියෙකුගේ ජංගම දුරකථනය උදුරාගැනීමට ද උත්සාහ කර ඇති බව දැනගන්නට ඇත.

පොලිස් නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී, රාජකාරියට බාධා කළ බව කියන සැකකාර මන්ත්‍රීවරයාද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමේ අවස්ථාවේදී, මන්ත්‍රීවරයාගෙන් මත්පැන් ගඳක් වහනය වී තිබූ බවක්ද  වාර්තා වෙයි

Related posts

தேயிலை ஏற்றுமதியினால் இந்த ஆண்டில் 160 கோடி ரூபா வருமானம்

Mohamed Dilsad

ආයුධ සමඟ හිටපු ප්‍රාදේශීයසභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

New Chief Justice to be decided by President Sirisena today

Mohamed Dilsad

Leave a Comment