Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකාවේ ගුවන් යානයක් කඩා වැටේ

ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කඩාවැටී ගිනිගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් 11 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.

මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ, United Parcel Service මෙහෙයවනු ලබන McDonnell Douglas MD11F නැමැති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි.

අදාළ ගුවන් යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුර හේතුවෙන් අදාළ ගුවන්තොටුපළේ සියලුම ගුවන් ගමන්  අත්හිටුවීමට ද පියවර ගෙන තිබූ බව සඳහන්.

Related posts

හිටපු ඇමති පී. හැරිසන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Editor O

පෞද්ගලික බස් රථ හිමියන්ට ලක්ෂ 3 ක මූල්‍ය පහසුකමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි

Mohamed Dilsad

Leave a Comment