Trending Newsඑසැන පුවත්දේශීය

සිපෙට්කෝ ලාබ 176%කින් පහළ වැටේ..

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය මෙම වසරේ පළමු මාස හයේදී පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව සියයට 179 කින් රුපියල් කෝටි 1700 දක්වා පහත වැටී ඇත.

මුදල් අමාත්‍යංශය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ පසුගිය වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශුද්ධ ලාභය රුපියල් කෝටි 2070 ක් බවය.

පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස හයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් සහ බොරතෙල් නිෂ්පාදනයන්හි ආනයනික පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.235 සිට 1,040 දක්වා පහළ ගොස් ඇති බවත් එම පහත වැටීමට මූලික වශයෙන් ගෝලීය වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටීම සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම හේතු වී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී රුපියල් කෝටි 46,770 ක් වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විකුණුම් පිරිවැය මෙම වසරේ පළමු මාස හයේදී රුපියල් කෝටි 37,790 දක්වා සියයට 19.2 කින් පහළ ගොස් ඇත. 

ඒ අනුව පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස භයේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරිවැටුම රුපියල් කෝටි 43.950 දක්වා සියයට 19.3 ක කැපී පෙනෙන පහළ යාමක් පෙන්නුම් කර තිබේ. 

මෙම ප්‍රවණතාව මෙම වසරේ පළමු මාස හයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගතසංස්ථාවේ ලාභය පහළ යාමට හේතු වී ඇත.

Related posts

Navy apprehends 4 persons with Kerala cannabis in Southern seas [VIDEO]

Mohamed Dilsad

ගුරු සංගමට තවත් ගැටළුවක්

Mohamed Dilsad

[UPDATE] – Sri Lanka – India Prime Ministers hold talks on strengthening ties

Mohamed Dilsad

Leave a Comment