Trending Newsඑසැන පුවත්දේශීය

චරිත රත්වත්තේට ඇප

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දුන අතර ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මතය. මේ අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

පැමිණිල්ල යළි ජනවාරි මස 23 වෙනිදා කැඳවීමට නියමිතයි.

2015 වසරේ දී එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ කොකුන් ගබඩා 50ක් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර මිලදී ගැනීමට තුළින් රජයට කෝටි 9කට අධික මුල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනාව චරිත රත්වත්තේට එල්ල වී තිබේ.

Related posts

Bangladesh make Street Child Cricket World Cup Semis

Mohamed Dilsad

Update: ஆனந்த ,நாலந்த மாணவர்கள் மோதல் : 15 மாணவர்கள் கைது

Mohamed Dilsad

இன்று முதல் சட்டபூர்வமாகிறது கஞ்சா போதைப்பொருள்!

Mohamed Dilsad

Leave a Comment