Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්දීයා⁣වේ කර්මාන්ත සම්මේලනය සහ විපක්ෂ නායක සජිත් අතර වි⁣ශේෂ සාකච්ඡාවක්

ඉඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු විය.

වෙළෙඳාම, ආයෝජන සහ තාක්ෂණය යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

විපක්ෂ නායකවරයා මෙම හමුවේදී විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.

වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවාහ ඉහළ නැංවීම සඳහා ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසම යටතේ වෙළෙඳ පහසුකම් සැපයීමේ කණ්ඩායමක් පිහිටුවීම, ඉන්දියානු කර්මාන්ත සඳහා කැප වූ ඉන්දියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීම , පුනර්ජනනීය බලශක්තිය, කෘෂි සැකසුම්, සැපයුම්, සංචාරක සහ අර්ධ සන්නායක වැනි ප්‍රමුඛතා අංශ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා-CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවීම ඒ අතර වෙයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට ඉන්දියානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කළ ප්‍රේමදාස මහතා, විදේශ සෘජු ආයෝජනවලට බාධා කරන ඕනෑම බාධාවක් ඉවත් කිරීමට සහ බහු-පාර්ශ්වික ව්‍යවස්ථාදායක සහාය හරහා පූර්ණ පහසුකම් සැපයීමට කටයුතු කරන බවට සහතික විය.

එසේම, ශ්‍රී ලංකාව අනුපූරක නිෂ්පාදන සහ සැකසුම් මධ්‍යස්ථානයක් වීමට ඇති කැමැත්ත ගෙනහැර දක්වමින්, ඉන්දියාවේ අර්ධ සන්නායක මෙහෙයුම් යටතේ සහයෝගීතාවයක් ද ඔහු යෝජනා කළේය. සියලු දෙනා ඇතුළත් කර ගත් සහ තාක්ෂණය මෙහෙයවන වර්ධනයේ වැදගත්කම අවධාරණය කළ ඔහු, සංවර්ධනය ජනතාව කේන්ද්‍ර කරගත් මට්ටමක පැවතිය යුතු බවද අවධාරණය කළේය.

ඉන්දියාවේ නිෂ්පාදන සහ තාක්ෂණයේ නැගීම ශ්‍රී ලංකාවට අභියෝගයක් නොවන නිසා, ඉදිරියේ දී සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය

Related posts

1,616 Kg of Beedi leaves recovered by a Naval raid

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

போலி நாணயத்தாள்களுடன் நால்வர் கைது

Mohamed Dilsad

Leave a Comment