Trending Newsඑසැන පුවත්දේශීය

කෝටි ගණන් අදායම් ඉපයිය හැකි බවට මාලිමාවෙන් පුරසාරම් කියූ, ඇමති නිල නිවාස ගන්න කිසිදු ගැනුම්කරුවෙක් ඉදිරිපත් වී නැහැ.

හිටපු ජනාධිපතිවරැන් හිටපු මැති ඇමතිවරුන්ගේ නිල නිවාස ඒ සදහා භාවිතා නොකර වෙනත් ව්‍යාපෘති සඳහා යෙදවීමට අපේක්ෂා කළ ද මේ වනතෙක් කිසිම පෞද්ගලික ගැනුම්කරුවෙකු එම නිල නිවාස සඳහා පැමිණ නැති බව වාර්තා වෙයි. 

ඒ අනුව රජය මේ වන විට පියවර ගනිමින් සිටින්නේ රජයේ ආයතන පවත්වාගෙන යෑම සඳහා එම ගොඩනැගිලි භාවිතා කිරීමටයි.

දැනටමත් නව මහාධිකරණ හතරක් පිහිටුවීම සඳහා ඇමති නිල නිවාස හතරක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.

එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටද එම නිවාසයක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ දවස් මේ දිනවල සිදු කරමින් පවතී.

තවත් රජයේ ආයතන කිහිපයක්ම ඇමති නිල නිවාස වෙත ගෙන යාම සඳහා සලකා බලමින් තිබේ.

රජයේ මුල් අදහස වූයේ මෙම නිල නිවාස වලින් සංචාරක හා වෙනත් පෞද්ගලික ආයෝජන කැඳවාගැනීම් ගෙන හරහා රජයට මුදල් උත්පාදනය සඳහා දායක කරගැනීමටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස සඳහා රුපියල් ලක්ෂ 40 ක පමණ මාසික කුලියක් ලබාගත හැකි බවද එකල අදහස් පළවිය.

Related posts

Suspect arrested with heroin in Wattala

Mohamed Dilsad

ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

Mohamed Dilsad

மருதானை பகுதியில் 68 கிலோ கேரள கஞ்சா மீட்பு

Mohamed Dilsad

Leave a Comment