දේශීයප්‍රමුඛ පුවත 1

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

(UTV | කොළඹ ) – අද(15) දිනයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

එය අද දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකියි.

දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු පළාත්වල විශේෂයෙන් ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

මැතිවරණ පැමිණිලි බාරගැනීමට විශේෂ ඒකකයක්

Mohamed Dilsad

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

Leave a Comment