Trending Newsඑසැන පුවත්දේශීය

නුගේගොඩ රැළියට හිටපු ජනාධිපතිවරු එන්නේ නැතිලු

ඒකාබද්ධ විපක්ෂය විසින් නොවැම්බර් 21 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත මහා ජනහඬ රැලිය සඳහා හිටපු ජනාධිපතිවරුන් හතර දෙනාගෙන් කිසිවකු සහභාගි නොවීමට තීරණය කර ඇත.

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන මෙම රැලිය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහභාගි නොවන බව දැනටමත් දැනුම් දී ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ නොවැම්බර් 21 ජන රැලියේ සංවිධාන කටයුතු පිළිබඳ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පසුගිය දිනවලදී පැවැත්විණ.

කෙසේවුවද මෙම ජන රැලියට සහභාගී නොවන බව සමගි ජන බලවේගය, විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ හා දිලිත් ජයවීර නායකත්වය දරන සර්ව ජන පක්ෂය දැනටමත් ප්‍රකාශකර ඇතැයි පැවසේ.

Related posts

யாழ். துப்பாக்கிச் சூட்டில் இளைஞன் உயிரிழப்பு: பார்வையிட வந்தவர்கள் கைது

Mohamed Dilsad

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

Mohamed Dilsad

பிரதமர் தெரேசா மே இற்கு எதிராக நம்பிக்கையில்லாப் பிரேரணை

Mohamed Dilsad

Leave a Comment