Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරු 159 ම, 2029 න් පසුව වැලිකඩ – උදය ගම්මන්පිල

මාලිමා මන්ත්‍රීවරු 159ටම, 2029 පසු, වැලිකඩ සිරගෙදර වාට්ටුවක් වෙන්කර ගැනීමට සිදුවන බව ස්ථිර යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. .

මන්ත්‍රී වැටුප් පක්ෂ අරමුදලට ගැනීම යන කාරණය සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රී දීමනා පක්ෂ අරමුදලට යැවීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රීවරු කියන්නේ අපට ලැබෙන වැටුප් සහ දීමනා අපි පක්ෂ අරමුදලට දෙන්න කැමති නෑ. ටිල්වින් සහෝදරයා ඒක ගන්න කැමති නම් විපක්ෂයට පාන්ද කියල. හදුන්නෙත්ති ඇමතිතුමාගේ පාන් න්‍යාය මාලිමා මන්ත්‍රීවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නෑ. නිශ්චිතව යම් කාරණයකට වෙන්කළ මහජන මුදල් රජයේ නිසි අවසරයකින් තොරව වෙනත් කාරණයකට යොදාගැනීම පොදු දේපළ පනත යටතේ පොදු දේපළ අපහරණයක්. මහේස්ත්‍රාත්වරයෙකුට ඇප ලබාදිය නොහැකි වරදක්. අපි මේ ගැන දැනටමත් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ නිසා දැන් නීතිය ක්‍රියාත්මක වුණේ නැතත් 2029න් පස්සේ මාලිමා මන්ත්‍රීවරු 159ටම වැලිකඩ සිරගෙදර වාට්ටුවක් වෙන්කර ගන්න වෙන බව නම් ස්ථිරයි.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ஆனந்த ,நாலந்த மாணவர்கள் மோதல் : 15 மாணவர்கள் கைது

Mohamed Dilsad

පිළියන්දල ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Trump says he wants to ‘shake hands’ with North Korea’s Kim at DMZ

Mohamed Dilsad

Leave a Comment