Trending Newsඑසැන පුවත්දේශීය

ජපානයට අගමැතිනියක් පත්වෙයි

ජපානයේ ප්‍රථම අගමැතිවරිය අද (21) දිවුරුම් දුන්නාය. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව විසින් සානේ ටකයිචි මහත්මියව සිය අගමැතිවරිය ලෙස පත්කරගෙන ඇති අතර එය ජපාන දේශපාලනයේ දක්ෂිණාංශිකයට තීරණාත්මක මාරුවීමක් පෙන්නුම් කරන්නක් බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ. 64 හැවිරිදි ඇය යකඩ ආර්යාව ලෙසද හඳුන්වනු ලබයි.

ජපන් නායිකාව වීමට ඇය ගත් තුන්වෙනි උත්සාහය මෙය වන අතර ඇය අභාවප්‍රාප්ත හිටපු අගමැති ෂින්සෝ අබේගේ අනුගාමියෙක් ලෙසද ජපානය තුළ හඳුනා ගනී.

කෙසේවෙතත් ජපන් ආර්ථිකයේ හැරවුමක් මෙන්ම ජපානය හා ලෝක දේශපාලන සබඳතා නව මාවතකට විවර වීමක් ලෙසද ඇයගේ පත්වීම අපේක්ෂා දල්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Related posts

இந்தியர் ஒருவர் இலங்கையில் கைது

Mohamed Dilsad

2019 ஆம் வருடத்திற்கான பாதீட்டு விவாத நாட்களில் மாற்றம்

Mohamed Dilsad

Accomplice of ‘Keselwatte Dinuka’ arrested

Mohamed Dilsad

Leave a Comment