Trending Newsඑසැන පුවත්දේශීය

අයහපත් කාලගුණයෙන් රට පුරා ආපදා තත්ත්වයක් :ජනතාවට සහන සැලසීමට පියවර ගන්න – විපක්ෂ නායක ආණ්ඩුවෙන් ඉල්ලයි

රටපුරා හදීසි ආපදා තත්ත්වයක් මතුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් කඩිනම් වැඩපිළිවෙළක් දියත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය..

ආපදා තත්ත්වය තුළ ආපදා කළමනාකරණ කමිටු හරහා සිදුවිය යුතු සේවාව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කයේ ලවන බාධක ගැටලුව නිසා විශාල ගොවිබිම් ප්‍රමාණයක් හානි වීමට නියමිත බවත් බවත් මේ ආපදා තත්ත්වය තුළ දැනටමත් මිනිස් ජීවිත 3ක් අහිමි වී ඇති ඒ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකාය වැනි වැඩසටහන් ක්‍රියාත්මක වූ බවත් ඒ වැඩසටහන්වලට අමතරව රජයෙන් ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා විපක්ෂයේ ද දායකත්වය ලබා දීමට සූදානම් හෙයින් ඉදිරියේ දී වර්ධනය වන ආපදා තත්ත්වය සම්බන්ධ වැඩසටහන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

Landslides destroy 10 shops in Ginigathhena; one reported missing

Mohamed Dilsad

கொழும்பின் பாதுகாப்பை பலப்படுத்தும் நோக்கில் 2,000 பொலிஸார் மற்றும் 10 விசேட அதிரடிப்படையினர் கடமையில்

Mohamed Dilsad

පොල් තෙල් ෂැෂේ පැකට්…

Editor O

Leave a Comment