Trending Newsඑසැන පුවත්දේශීය

බැකෝ සමන්ගේ පවුලේ අයගේ බැංකු ගිණුම් කිහිපයකට වාරණ නියෝග

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.

Related posts

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්

Mohamed Dilsad

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

Mohamed Dilsad

South Africa crush Japan’s dream with comprehensive second half performance to secure victory

Mohamed Dilsad

Leave a Comment