Trending Newsඑසැන පුවත්දේශීය

ආධුනික කථිකාචාර්ය වැ‍ටුප පීඨාධිපති වැටුපටත් ඉහලයි ගුරු අධ්‍යපනඥයෝ සටනට සැරසෙති

ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නොමැති බැවින් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ ලේකම් කථිකාචාර්ය එස්.එම්.පී.බණ්ඩාර සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ වන විට අධ්‍යයන කාර්ය මණ්ඩලවල බරපතළ අභ්‍යන්තර වැ‍ටුප් විෂමතාවක් මතුව ඇති බවයි.

එමෙන්ම ඇතැම් ආධුනික කථිකාචාර්යවරුන්ගේ වැ‍ටුප පීඨාධිපතිවරුන්ගේ වැ‍ටුප පවා අබිබවා ඇති බව හෙතෙම සඳහන් කරයි.

පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ගුරු අධ්‍යාපනඥයාට හිමි විය යුතු වැ‍ටුප් ලබානොදී මේ වන විට වසර හතරකට ආසන්න කාලයක් ගත වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම නිර්බාධ උසස්වීම් සම්බන්ධ කැබිනට් පත්‍රිකාව යොමුකර මේ වන විට මාස හතරක් පමණ ගතව ඇතත් ඊට ද අවසන් තීරණයක් ආණ්ඩු පාර්ශ්වයෙන් දක්වා නොමැති බවද කුලියාපිටිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනවේදී විශේෂ ගෞරව උපාධි පාඨමාලාවක් ආරම්භ කර අධ්‍යයන කාර්යයන් ගුරු අධ්‍යාපනඥයන් විසින් සිදු කළ ද ඊට හිමි කිසිදු වැ‍ටුප් තලයක ඔවුන් පිහි‍ටුවා හෝ කිසිදු දීමනාවක් ලබාදී හෝ නොමැති බැවින් මෙය මූලික කම්කරු නීතීන් පවා උල්ලංඝනය කිරීමක් බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම විධිමත් ගුරු අධ්‍යාපනඥ මාරු ප්‍රතිපත්තියක් අනුගනය නොකර හිතූමතේ නිලධාරීන් අනුයුක්ත කිරීම හා ස්ථානමාරු කිරීම,අභ්‍යන්තර හා බාහිර විභාගවල පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට සාධාරණ ගෙවීමක් නොදීම,ගුරු අධ්‍යාපනඥයන්ගේ දරුවන්ට පාසල් ලබාදීම අහීමි කිරීම ඇතුළු වෘත්තීය ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙන ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ අධ්‍යාපන ඇමැතිවරියගෙන් මාස හතරක සිට සාකච්ඡාවක් ඉල්ලා ලිඛිත ඉල්ලීම් සිදුකළ ද එයට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි.

එබැවින් මෙම තත්ත්වයන්ට විරෝධය පා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදු වන හෙයින් ගුරු ශික්ෂණලාභීන්ගේ අවසන් පරීක්ෂණවල පිළිතුරු පත්‍ර පරික්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර එළැඹෙන සතිය තුළ ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය ගැටලු විසඳා ගැනීමට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණ හොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වෙතද යොමුවීමට සිදුවන බව හෙතෙම වැඩිදුරටත් නිවේදනය මගින් පෙන්වාදෙයි

Related posts

මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

Mohamed Dilsad

SLFP and UNP avert split, plan reshuffle

Mohamed Dilsad

35வது கலாபூஷணம் அரச விருது விழா [VIDEO]

Mohamed Dilsad

Leave a Comment