Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගය සහ එජාප ය ගත් අලුත් තීරණය

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර දැනට පැවැත්වෙන සාකච්ඡා වලට අනුව පක්ෂ දෙක එක් වන්නේ නම් එහි ප්‍රධානත්වය සජබ ට හිමි විය යුතු බවට වන කොන්දේසියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පනවා තිබේ.

එම කොන්දේසිය මත සිට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීමට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීමට මන්ත්‍රීවරු තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

එම කමිටුවේ සාමාජිකයන් ලෙස කබීර් හෂිම්, මුජිබර් රහුමන් සහ එස්.එම් මරික්කාර් පත්පත්කිරීමට පියවර ගන්නාා ලෙස විපක්ෂ නායකවරයා පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා දැනුවත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වන්නේ නම් එය කෙසේ සිදු විය යුතුද?, එහි ව්‍යුහය හා ඉදිරි ක්‍රියාමාර්ග, පක්ෂ දෙකෙහි අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යෑම වැනි කරුණු ගණනාවක් පිළිබඳව අදාල කමිටුව විසින් අවධානය යොමු කිරීමට නියමිත බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් හා ක්‍රියාකාරීන් බහුතරයකගේ මතය වී ඇත්තේ පක්ෂ දෙක එකට එකතු වී ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු බව යැයි එම මන්ත්‍රීවරයා පවසයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමඟ ජනන බලවේගය එක ප්‍රවාහයක් යටතට ගෙන ඒම සඳහා පක්ෂයේ මහ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට යන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර රට පනින්න සැදූ තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

எதிர்ப்பு ஆர்ப்பாட்டம் காரணமாக வாகன நெரிசல்…

Mohamed Dilsad

Premier appeals to global community to lift Travel Advisories

Mohamed Dilsad

Leave a Comment