Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් – නාමල් – ජීඑල් – වජිර ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් සහ භෝජන සංග්‍රහයක් ඊයේ(02) රාත්‍රියේදී කොළඹ පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබේ. .

මේ අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධනගේ කැඳවීමකට අනුව මේ අවස්ථාවට දේශපාලන පක්ෂ 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් නායකයින් සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම හමුවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කර ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් කොළඹදී මහජන රැළියක් පැවැත්වීම සම්බන්ධයෙන්ද එහිදී අදහස් හුවමාරු කර ගෙන ඇත. .

ඊට අමතරව විපක්ෂයක් ලෙස ඒකාබද්ධව ඉදිරියේදී ගනු ලබන ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව පක්ෂ නායකයින්ගේ අදහස් පළ වූහ. .

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී ඉදිරිපත් වූ යෝජනා සියල්ලකටම පාහේ එකඟත්වය පළකර අතර මෙම හමුව අතිශය ප්‍රයෝජනවත් සහ වැදගත් එකක් වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Related posts

Wickremesinghe to meet Modi in New Delhi

Mohamed Dilsad

සුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?

Editor O

Astronaut Buzz Aldrin sues his children for misuse of finances

Mohamed Dilsad

Leave a Comment