Trending Newsඑසැන පුවත්දේශීය

කීරි සම්බා හිඟය ගැන ඩඩ්ලි සිරිසේන පැහැදිලි කරයි…

රටේ පවතින කීරිසම්බා හිඟයට බලපා තිබෙන්නේ වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කරයි..

ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද කීවේය. “කීරිසම්බා හිඟවෙද්දී නාඩු හාල් කොච්චර වෙළඳපොළේ තියෙනවාද කියලා ඔයාලා ඒකත් බලන්න එපැයි මාධ්‍යවේදීන් වශයෙන්. රුපියල් 230 ට තිබ්බ නාඩු හාල් එක රුපියල් 170 ට තියෙනවා. රුපියල් 260 ට දෙන්න ඕනෙ කීරිසම්බා එක ඒ මිලට වෙළඳපොළේ නෑ. ඒකෙන්ම පේනවා වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් මේ තියෙන්නෙ. නාඩු වී ගොඩාක් වගාකරලා තියෙනවා, කීරිසම්බා වී ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් වගාකරලා තියෙන්නෙ. ගොවියෝ විශේෂයෙන්ම මේ වී අඩු මිලකට දෙන්නෙත් නෑ. නමුත් ඉතින් රටේ නීතියට යටත්ව අපි කටයුතු කරන්නත් ඕනෙ. මේවගේ ඉතින් ප්‍රශ්න ගොඩක තමා ඉන්නෙ. මේවාට සුදුසු විසඳුම් දෙනවා නම් මේ හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පුළුවන් අපට”

Related posts

updete – புதிய இராஜாங்க மற்றும் பிரதியமைச்சர்கள் சத்தியப்பிரமாணம்

Mohamed Dilsad

Veteran musician Somapala Rathnayake passes away

Mohamed Dilsad

2% Tax on abandoned lands if Dengue breeding sites found

Mohamed Dilsad

Leave a Comment