Trending Newsඑසැන පුවත්දේශීය

මහින්ද රාජපක්ෂ සිටි විජේරාම නිල නිවස බාර ගැනීමට ආණ්ඩුව කල් ගත කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ, විජේරාම මාවතේ පදිංචිව සිටි නිල නිවස රජයේ පාලනයට ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් කල් දැමෙමින් තිබෙන බව වාර්තා වේ.

මෙම ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ නිවසේ ඇති භාණ්ඩ භාර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින අර්බුදකාරී තත්ත්වයයි.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු ජනාධිපතිවරයාට අයත් බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇත. එහෙත්, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුව විසින් නිවසේ ඇති සියලුම රාජ්‍ය භාණ්ඩ ලැයිස්තුගත කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමාගේ පෞද්ගලික බඩු ඉවත් කරගන්නා බවයි.

මෙම තීරණයට හේතුව වී ඇත්තේ, පළමුව තමන්ගේ බඩු ඉවත් කළහොත් පසුව “රජයේ දේපළ රැගෙන ගියා” යනුවෙන් චෝදනාවක් එල්ල වීමේ අවදානමක් ඇති බව හිටපු ජනාධිපතිවරයා විශ්වාස කිරීම බව ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත්, රජයේ ස්ථාවරය වන්නේ හිටපු ජනාධිපතිවරයා මුලින්ම තමාගේ පෞද්ගලික දේපළ ඉවත් කළ යුතු බවයි.

විජේරාම මාවතේ එම බංගලාවේ දැනට ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට අයත් භාණ්ඩ වලට අමතරව, අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හිමි රාජ්‍ය දේපළ ද වේ.

Related posts

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

Getting dropped is part of playing for Sri Lanka – de Silva

Mohamed Dilsad

Rs.10 bn from budget to buy stents and lenses – Rajitha

Mohamed Dilsad

Leave a Comment