Trending News

මීළඟ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්

(උදයම්,කොළඹ)  –  මීලඟ අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාව ඊයේ(27)  රාත්‍රීයේ ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇත.

මීළඟ අගවිනිසුරුවරයා නම් කරන ලෙස දන්වමින් ප්‍රියසාද් ඩෙප් මහතාගේ නම සහ කේ ටී චිත්‍රසිරි මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට යවා තිබේ.

ඒ අනුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී රැස් වූ ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වන ප්‍රියසාද් ඩෙප් මහතා පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

අනුව මෙරට 44 වැනි අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා පත්වනු ඇත.

Related posts

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභා පුරප්පාඩු පුරවයි

Editor O

Sri Lanka Investment and Business Conclave 2017 to kick off on May 30 in Colombo

Mohamed Dilsad

Colombo residents requested to report road obstructions

Mohamed Dilsad

Leave a Comment