Trending Newsඑසැන පුවත්දේශීය

ගැටළු සඳහා විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාලවල ආචාර්යවරු වැඩ වර්ජනයක

ර⁣ටපුරා ඇති සියලුම, විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අද (30) එක්දින වැඩ වර්ජනයක නිරතව සිටිති. .

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ප්‍රධාන ඉල්ලීම් 3 ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ගත වූ වසරක කාලය තුළ රජය සමග සාකච්ඡා කළ ද විශ්වවිද්‍යාල ගැටළු සදහා කිසිදු විසඳුමක් ලබා දීමට අපොහොසත්වී ඇති බවට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය චෝදනා කරයි..

සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්‍ය හිගය නොපියවීම, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොකිරීම සහ ප්‍ර්‍යේෂණ සදහා ප්‍රතිපාදන ඉහළ නොදැමීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් .වේ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුල ආචාර්යවරුන් 12,000 ක් අවශ්‍ය නමුත් දැනට සිටින්නේ 5000 ලටත් අඩු සංඛ්‍යාවක් බව කථිකචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේය. .

ගත වූ වසරක වත්මන් පාලනය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් මේ වන විට කථිකාචාර්‍යවරුන් 200 කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාලය හැරගොස් ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. .

මේ තත්ත්වය තුල විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමේ බරපතල ගැටලුවක් පවතින බව ද කථිකාචාර්‍ය ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේය. .

Related posts

බොරැල්ල සුසාන භූමිය ඉදිරිපිටදී සමගි ජන බලවේගය නිහඩ විරෝධතාවක [VIDEO]

Mohamed Dilsad

ජනපති කාර්යාලයට බලෙන් රිංගූ 09ක් අල්ලයි

Mohamed Dilsad

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.

Editor O

Leave a Comment