Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව, අනුරාධපුර මහාධිකරණයෙන් නියෝගයක්

වවුනියාව සිට මහව දක්වා දුම්රිය ස්ථානවල සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ මගින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා අදාළ ප්‍රවේශ නියෝග නිසි ලෙස අනුගමනය නොකිරීම සම්බන්ධයෙන්  ඉදිරිපත් කළ පෙත්සමේ, තීන්දුව, අනුරාධපුර මහාධිකරණය විසින් අද (18) ප්‍රකාශයට පත්කර තිබේ.

ආබාධ සහිත කාන්තාවන්ගේ සංගමයේ සභාපතිනි එන්.ජී. කමලාවතී මහත්මිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර ප්‍රවාහන අමාත්‍යාවරයා, එම අමාත්‍යංශයේ ලේකම් සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලූ අධිකරණය, 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන පනතේ 23-1 හා 23- 2 යටතේ ඓතිහාසික සුවිශේෂී තීන්දුවක් ලබා දුන් බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත මහතා පැවසුවේය.

2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන නවීකරණය කර නොමැති බැවින් 1996 අංක 28 දරණ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ 23 වගන්තිය මඟින් තහවුරු කරන පෙත්සම්කාර ආබාධිත තැනැත්තියගේ අයිතිවාසිකම් වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර ඇති බවට තීන්දු විය. 

ඒ අනුව පෙත්සම්කාරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් රජය විසින් ගෙවීමට නියෝග කරන ලදී.

එමෙන්ම මහව සිට වවුනියාව දක්වා දුම්රිය ස්ථාන 2006 අංක 01 දරණ ප්‍රවේශ නියෝග අනුව නවීකරණය කළ යුතු බවටද එහිදී නියෝග කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන වාර්ෂික ප්‍රතිපාදනවලින් මෙම නවීකරණ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දී ප්‍රතිපාදන සැපයිය යුතුයැයි ද මෙම නඩු තින්දුව හරහා නියෝග කර තිබේ.

එමෙන්ම 1,2,3,4 වගඋත්තරකරුවන් සමඟ සාකච්ඡා කොට මෙම නවීකරණ කටයුතු සඳහා ක්‍රියාකාරී සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.


Related posts

EU communications targeted by hackers

Mohamed Dilsad

16 SLFP Parliamentarians who quit the Government request for seats on Opposition

Mohamed Dilsad

Six held over Venezuela drone attack

Mohamed Dilsad

Leave a Comment