Trending Newsඑසැන පුවත්දේශීය

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලනය කළ අයගේ වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ
සල්ලිවලින් දේශපාලනය කළ අය, වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

නිර්ධන පන්තිය නියෝජනය කර මිනිසුන්ගේ
සල්ලිවලින් දේශපාලනය කළ අය, වත්කම් උපයාගත් ආකාරය රටට හෙළි කළ යුතුයිි- නාමල් රාජපක්ෂ

නිර්ධන පන්තිය නියෝජනය කර, මිනිසුන්ගේ සල්ලිවලින් දේශපාලනය කළ අයගේ වත්කම් තමන්ගේ වත්කම්වලටද වඩා වැඩි වී ඇති බව ප්‍රදර්ශනය වන පසුබිමක එලෙස වත්කම් උපයා ගත්තේ 76වසරක සපයා තුළද නැත්නම් පසුගිය අවුරුද්දක කාලය තුළදැයි, ඔවුන් පිළිතුරු දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය. .

නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. “මම නීතිඥවරයෙක් විදිහට වැඩකරලා තියෙනවා. ඊට අදාළව ටැක්ස් ගෙවල තියෙනවා. ඊට අමතරව පවුලෙන්, දෙමව්පියන්ගෙන් ලැබුණු වතුවල ආදායම් තියෙනවා. ඕක හංගන්න දෙයක් නෑ. මොකද ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවෙදිත් හැම නාලිකාවකම පැවති විවාදවලදී මගෙන් ඕක ඇහුවා. මම ඒ ගැන උත්තර දුන්නා. ඊට කලින් 2010 ඉදන් හැම පාර්ලිමේන්තු මැතිවරණයකදීම ඔය ප්‍රශ්නය මගෙන් ඇහුවා. මම ඒවාට උත්තර දුන්නා. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ ඒක නෙවෙයි. නිර්දන පන්තිය නියෝජනය කරගෙන ඇවිල්ලා, මිනිස්සුන්ගේ සල්ලි වලින් දේශපාලනය කරලා,රාජපක්ෂලා තමයි මහා කෝටිපති ව්‍යාපාරිකයෝ ලෙස හැසිරුණේ කියල අපිට චෝදනා කරපු අයගේ වත්කම් දැන් අපිට වඩා වැඩියි. මේ වැඩි වුණේ අවුරුද්දක් ඇතුළතද නැත්නම් අර 76 අවුරුදු සාපයේ ව්‍යාපාර කරලා හම්බු කරපුවද? රටක් 76 වසරක් විනාශ වෙලා, කඩන් වැටිලා සාපයක්ව තිබුණ කාලෙත් කෝටි ප්‍රකෝටි ගාණින් මේ අය ආදායම් හොයල තියෙනවනේ. එහෙම නැත්නම් මේ සාපය ඉවර වුණා කියන්නේ අවුරුද්දකට කලින්නේ. එතකොට මේ අවුරුද්දකට කලින් හම්බ කරපුවද? ඔය දෙකට මේ අය උත්තරක් දෙන්න වෙනවා.” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

Related posts

Sardar Azmoun retires from playing for Iran at 23

Mohamed Dilsad

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

கேரள கஞ்சாவுடன் இருவர் கைது…

Mohamed Dilsad

Leave a Comment