Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව පරීක්ෂණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යයට සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමට රුක්ෂාන් බෙල්ලන මහතාට කිසිදු අයිතියක් නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය අසංක විජයමුනි පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇති මෙම පරීක්ෂණයෙන් රුක්ෂාන් බෙල්ලන මහතා වරදක් සිදුකරද් ඇති බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරන්නේ තමන් වරදක් සිදුකර නොමැති බැවින් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි.

Related posts

South Africa skipper looks for fresh start

Mohamed Dilsad

රට වෙනුවෙන් හඬක් නගන භික්ෂුන්වහන්සේලාගේ ප්‍රකාශ ගැන රජය සොයා බැලිය යුතුයි – පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 161ක වැඩ හෙට සිට ඇරඹේ.

Editor O

Leave a Comment