Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ආයතන 161ක වැඩ හෙට සිට ඇරඹේ.

මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අදාළව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව එම සභා පිහිටුවීම හෙට (02) දිනයේදී සිදුකළ යුතු වෙයි. 

දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් බහුතර බලය හිමිකරගෙන ඇති ආයතන 161කට අදාළව සභා පිහිටුවීම හෙට දිනයේදී සිදුකළ හැකි අතර, අනෙකුත් ආයතනවල සභා  පිහිටුවීම පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වී තීරණය කරනු ඇත. 

පළාත් පාලන ආයතන 339කට අදාළව මැයි 06 වැනිදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව තේරී පත්වූ සහ තෝරා එවා ඇති සභිකයින්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව මගින් ඊයේ දිනයේදී ගැසට් කෙරිණ.

පළාත් පාලන ආයතන 161කට අදාළව බහුතර බලය දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් හිමිකරගෙන ඇති අතර, තවත් ආයතන 178කට අදාළව තනි පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පූර්ණ ජයග්‍රහණයක් ලබාගෙන නැත. 

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව මගින් ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන සඳහා ඒ ඒ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නම් කර එවා ඇති ආයතන ප්‍රධානීන්ගේ නම් ගැසට් මගින්‍ ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කර තිබේ. 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පසුගිය පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති ගැසට් නිවේදනය මගින්, පළාත් පාලන ආයතනවල ධුර කාලය හෙට දිනයේදී ආරම්භ විය යුතුය. 

ඒ අනුව, 50% නොමැති පළාත් පාලන අයතනවල සභාපති, උපසභාපති තෝරා පත් කර ගැනීම හෙට දිනයේදී පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම පළාත් පාලන ආයතන රැස්වීමෙන් පසුව තීරණය කෙරෙනු ඇත.

Related posts

Zimbabwe shocks Sri Lanka with six wicket win

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ COPE සහ COPA කමිටු සාමාජිකයන් නම් කෙරේ

Mohamed Dilsad

SLFP Central Working Committee to convene today to discuss Local Government Elections

Mohamed Dilsad

Leave a Comment