Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ඇඟළුම්වලට ඇමෙරිකාවෙන් කොන්දේසි..?

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද 54%ක් වූ ඉහළ තීරු බදු සඳහා සහනයක් ලබා දිය හැකි බව එරට විසින් මෙරටට දන්වා ඇති බව වාර්තා වෙයි.

නමුත් චීනයෙන් හෝ වෙනත් රටකින් ආනයනය කරන ලද රෙදිපිළිවලින් ලංකාවේදී ඇගළුම් නිෂ්පාදනය කර ඇමෙරිකාවට අපනයනය කිරීමේදී ඉහළ තිරූ බද්දක් පැනවීමට සිදුවනු ඇති බවද සඳහන් කර තිබේ. ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා අතරතුර ඇමෙරිකා නියෝජිතයන් විසින් මේ බව දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවන ලද තීරු බදු ඇමරිකානු වාණිජ අධිකරණයක් විසින් අත්හිටුවන ලදුවද ඊට පසු දිනම ඇමරිකානු අභියාචනාධිකරණ විසින් යළි එම තීන්දුව අත් හිටුවමින් තීරු බදු බලාත්මක කිරීමට කටයුතු කරන ලදී.

Related posts

T20 தொடரில் நியூசிலாந்துடன் மோதவிருக்கும் இலங்கை குழாம் அறிவிப்பு

Mohamed Dilsad

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

යාල වනෝද්‍යානයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර අද සිට අන්තර් ජාලයෙන්

Mohamed Dilsad

Leave a Comment