Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජංගම ගිණුමේ ශේෂය ඩොලර් මිලියන 281 කින් පහළට. වෙළඳ හිගය ඩොලර් මිලියන 321 කින් ඉහළට..

2025 අප්‍රේල් මාසයේදීත් ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්නුම් කළත් මාර්තු මස ඩොලර් මිලියන 459 ක් ලෙස වාර්ථා වු ජංගම ගිණුමේ ශේෂය අප්‍රේල් වන විට ඩොලර් මිලියන 178 ක් දක්වා ඩොලර් මිලියන 281 සැලකිය යුතු අන්දමෙන් පහත වැටී ඇත .

මෙයට ප්‍රධාන හේතු ලෙස මහ බැංකුව සඳහන් කරන්නේ වෙළද භාණ්ඩ අපනයන වර්ධනයට වඩා (10.4% y-o-y) ආනයන වර්ධනය (17.5% y-o-y) වේගවත් වීමයි . මේ සඳහා ප්‍රධාන වශයෙන් වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතු වූ බව මහ බැංකුව සඳහන් කරනු ලබයි ( ඩොලර් මිලියන 134)

ඒ අතර දළ නිලසංචිත ප්‍රමාණය මාර්තු අවසන් වන විට ඩොලර් බිලියන 6.5 ක පැවතුන අතර එය අප්‍රේල් මස අවසන් වන විට ඩොලර් බිලියන 6.3 ක් දක්වා සුලු අඩුවීමකට ලක් වී ඇත.

එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේශණ මාර්තු මස ඩොලර් මිලියන 693 නේ සිට අප්‍රේල් මස වන විට ඩොලර් මිලියන 646 ක් දක්වා අඩුවීමක් පෙන්නුම් කරයි

මාර්තු මස වෙළද හිගය ඩොලර් මිලියන 396 සිට අප්‍රේල් මාසයේ හිගය ඩොලර් මිලියන 717 දක්වා වර්ධනය වී ඇත . දත්ත අනුව පෙනී යන්නේ අපනයන (මාර්තු ) ඩොලර් මිලියන 1242 සිට ( අප්‍රේල්) ඩොලර් මිලියන 968 කඩා වැටීම නිසා වෙළෙඳ හිගය වැඩි වී ඇති බවයි .

-ඇඩ්වොකාටා

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි.

Editor O

Possible explosion detected near Argentine sub’s last-known location

Mohamed Dilsad

Tusker killing in Udawalawe causes concern

Mohamed Dilsad

Leave a Comment