Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව පරීක්ෂණයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යයට සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමට රුක්ෂාන් බෙල්ලන මහතාට කිසිදු අයිතියක් නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය අසංක විජයමුනි පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇති මෙම පරීක්ෂණයෙන් රුක්ෂාන් බෙල්ලන මහතා වරදක් සිදුකරද් ඇති බව තහවුරු වුවහොත් ඔහුට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කරන්නේ තමන් වරදක් සිදුකර නොමැති බැවින් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවයි.

Related posts

උසස් පෙළ ටියුෂන් අද මධ්‍යම රාත්‍රී 12 න් පසු තහනම්

Mohamed Dilsad

Piliyandala shooting: Another suspect arrested

Mohamed Dilsad

රජයේ හෙද නිලධාරින් අද වැඩ නෑ

Mohamed Dilsad

Leave a Comment